ශ්‍රී ලංක ගුවන් හමුදා කටුනායක කඳවුරෙහි අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාළිය 2022 දෙසැම්බර් 05 වන දින පැවැත්විණි.එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන්.ඒ.ගාල්ලගේ නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන්.ඒ.ගාල්ලගේ නිළධාරීතුමන් 2021 මාර්තු 25 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිලධාරි තනතුර දැරූ අතර ගුවන් හමුදා මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II ලෙස රාජකාරි භාර ගැනීම සඳහා  නියමිතව ඇත. .
 
නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කිරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නිලධාරි අණදෙන  වශයෙන් රාඡකිරී කර ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.