ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ නව  අණදෙණ නිළධාරී තනතුර භාරදීමේ / භාරගැනීමේ සාම්ප්‍රදායික  පෙළපාලිය  2022 දෙසැම්බර් 16 වන දින පෙළපාළි පිටියේදී පවත්වන ලදී.වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඡේ.එස් සමරසේකර  විසින් ගෲප් කැප්ටන්  ඩබ්.ඩබ්.එන්.ටී.පී ප්‍රනාන්දු වෙත නව තනතුර භාර දෙන ලදී.


නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.එන්.ටී.පී ප්‍රනාන්දු නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ කදවුරු අණදෙන නිලධාරිවරයා ලෙස පත්වීමට පෙර මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.