ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2022 දෙසැම්බර් 16 වන දින  පෙළපාළි භූමියේදී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන වැඩබලන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් එන්.එස් නාගොඩවිතාන නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්.පී ජයසිංහ නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.පී ජයසිංහ  නිළධාරීතුමන්  ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේ අණදෙන නිළධාරී තනතුරට පත්වීමට පෙර මාණ්ඩලික නිලධාරී පුද්ගල II තනතුර දරා ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.