ශ‍්‍රි ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් ප‍්‍රසංගය - 2022

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමීනි පතිරණ මැතිණියගේ මගපෙන්විමෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු   නත්තල් කැරෝල් ගී ප‍්‍රසංගය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ ආරාධනයට අනුව අරක්ෂක අමාත්‍යාංශයේ ලේකමි (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගූණරත්න මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තුමන්  ඇතුළු යුධ නාවික හමුදාපති වරුන්ගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාවේදී 2022 දෙසැම්බර් මස 21 වන දින පවත්වන ලදි.

අසිරිමත් නත්තල් උදාව සමරමින් ගුවන් හමුදා සංගිත කණ්ඩායම හා නර්ථන කාණ්ඩායම සමග එක්ව ගුවන් හමුදා සාමාඡික සාමාඡිකාවන් හා ඔවුන්ගේ පවුල්වල දුවා දරුවන් විසින් මෙම ප‍්‍රසංගයේ ගීතිකා ගායනා ඉදිරිපත් කරන ලදි..

මෙම අවස්ථාව සදහා ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුධ නාවික සේවා වනිතා ඒකකයන් හි සභාපති තුමියන් ද ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යඏක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා පුවුල්වල සාමාඡික සාමාඡිකවන් පිරිසක් ද සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.