නත්තල් දිනයට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් විශේෂ පරිත්‍යාග වැඩසටහනක් කටුකුරුන්ද "රෝමානු කතෝලික පාසලේ"දී

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මගපෙන්වීම යටතේ ශුද්ධ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය, පරිත්‍යාගශීලිත්වය සහ කරුණාව පිළිබඳ ඉගැන්වීම් මතුකරමින් විශේෂ පරිත්‍යාග වැඩසටහනක් අද (2022 දෙසැම්බර් 23) කටුකුරුන්ද "රෝමානු කතෝලික පාසලේ"දී පැවැත් වු අතර මෙම අවස්ථාව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි කටුකුරුන්ද රෝමානු කතෝලික පාසලේ පාසල් සිසුන් පනස් (50) සහ ඔවුන්ගේ පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කල අතර මෙම අවස්ථාවට කටුකුරුන්ද ගුවන් හමුදා කටුකුරුන්ද සේවා වනිතා ඒකකයේ සභාපති ජයමිණි ප්‍රියංගිකා කුමාරසිංහ මහත්මිය, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් අසිත හෙට්ටිආරච්චි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.