71 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව - 2022

 71 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය – 2022 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 දෙසැම්බර් 23 සහ 24 යන දිනවල නාරාහේන්පිට පොලිස් පිහිනුම් තටාක සංකීර්ණයේදී සහ ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි ගුවන් හමුදා කාන්තා ජීවිතාරක්ෂක කණ්ඩායම තරඟාවලියේ අනෙකුත් තරඟකරුවන් අභිබවා දස්කම් දක්වමින් 71 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ  කාන්තා කාණ්ඩයෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම සමස්ථ අනුශූරතාවය හිමිකර ගත් අතර ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ජීවිතාරක්ෂක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගන්නා ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.