නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2022 දෙසැම්බර් 28 වන දින උදෑසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ හමුවිය.

ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු විසින් නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර ගුවන් හමුදා අංක 43 වර්ණ අංශය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුබ පැතුම් එක් කළේය.ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලය හමුවී දිවයිනේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ සමුද්‍ර සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, ගුවන් හා නාවික ඒකාබද්ධ අභ්‍යාසවල ඇති වැදගත්කම පිළිබදව සාකච්ඡා කෙරිණි.මෙම සුහද සාකච්ඡාවෙන් අනතුරුව මෙම අවස්ථාව සිහිපත් කීරීම සදහා නිල සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.