අංක 43 නිලධාරී,අංක 59 ගුවන් භට සහ අංක 34 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිවාරණ මූලික පාඨමාලා සහතික සහ ලාංඡන ප්‍රදානෝත්සවය

අංක 43 නිලධාරී, අංක 59 ගුවන් භට සහ අංක 34 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ (EOD) මූලික පාඨමාලා සඳහා සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2022 දෙසැම්බර් 30 වන දින පාලවි ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සංවර්ධන ව්‍යාපෘති අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ආර්.පී.කොඩිප්පිලි සහභාගී විය.

මෙම පාඨමාලාව සදහා ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු, නාවික හමුදා එක් නිලධාරියෙකු,ගුවන් භටයින් තිස් දෙනෙකු සහ නාවිකයින් සිව් දෙනෙකු සහභාගී විය. මෙම උත්සවයේදී පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල විසින් පවත්වනු ලබන පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීමේ මූලික පුහුණුව සාර්ථකව නිම කළ අභ්‍යාසලාභීන් 40 දෙනෙකුට සහතික සහ ලාංඡන හිමි විය.

පියාසර නිලධාරී  ඩි.ඡි.පී මධුරංග සියළුම නිළධාරීන් අතරින් දක්ෂතම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ නිලධාරියා ලෙසත්, නායක ගුවන් භට රත්නමාල්  එස්.එච්.ඡී.එම්.ඊ සියළුම ගුවන් භටයින් අතර දක්ෂතම ගුවන් භටයා ලෙසත් සම්මාන හිමිකරගන්නා ලදි.

මූලික පාඨමාලාවේ සම්මානලාභීන්

සෑම අතින්ම දක්ෂතම නිලධාරියා
පියාසර නිලධාරී ඩි.ඡි.පී මධුරංග

සෑම අතින්ම දක්ෂතම ගුවන් භටයා
නායක ගුවන් භට රත්නමාල්  එස්.එච්.ඡී.එම්.ඊ

ප්‍රායෝගික අංශයේ හොඳම ශිෂ්‍යයා
පියාසර නිලධාරී ඩි.ඡි.පී මධුරංග

දක්ෂතම පුපුරණ ද්‍රව්‍ය උපාංග නිෂ්පාදකයා
ප්‍රමුඛ ගුවන් භට විමලරත්න ආර්.පී.එස්.එල්

ශාස්ත්‍රීය අංශයේ හොඳම ශිෂ්‍යයා
බල නැවි රාජපක්ෂ ආර්.කේ

ශාරීරික යෝග්‍යතා අතින් දක්ෂතම ශිෂ්‍යයා
බල නැවි රාජපක්ෂ ආර්.කේ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.