ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව වසරට සුභපතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට ආශිර්වාද පතා තුන්වන වතාවටත් 2023 ජනවාරි 02 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී පිරිත් සජ්ඣායනාවේ පැවැත්විණි.උත්සවය ආරම්භ කිරීමට පෙර ධාතු මන්දිරය (කරදූව) වර්ණවත් පෙරහැරකින් ගුවන් හමුදා මූලස්ථානය වෙත වැඩමවු අතර ගුවන් හමුදාධිපතිතුමා විසින් එය පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.

 
අනතුරුව 2023 ජනවාරි 03 වන දින පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ උප විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ පූජ්‍ය මහා සංඝරත්නය වෙත දානය පිරිනමන ලදී.
 
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සියළුම නිළයින් සහ ගුවන් හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

Pirith Chanting

Almsgiving





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.