07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 13 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 13 වන සංවත්සරය 2023 ජනවාරි 05 වන දින සමරන ලදී. ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.


චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම් කටයුතු ආරම්භ විය. තවද, සංවත්සර උත්සවයට සමගාමීව නුවරඑළිය බස් පර්යන්තය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි 04 වන දින පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.