දෙමහල් පන්තිකාමර සංකීර්ණය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ දෙමහල් පන්තිකාමර සංකීර්ණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි 05 වන දින විවෘත කරන ලදී.පන්තිකාමර 7කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සැලසුම් කර ඉදිකරන ලද අතර ගුවන් භටයන්ගේ සහ ගුවන් කාන්තාවන්ගේ මූලික සහ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාවන් සඳහා යොදා ගැනීමට නියමිත ඇත.

මෙම අවස්ථාව සඳහා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්, අණදෙන තත්ත්‍ව රක්‍ෂණ නිලධාරි, ඒකල ගුවන් හමුදා වාත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී, සහ පුහුණු පාසලේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.