ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික  පෙළපාළිය 2023 ජනවාරි 07 වන දින පැවැත්විණි.එහිදී නික්ම යන වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.ජේ.විජයනාත්  විසින් ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස් ලංකාතිලක වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන වැඩබලන අණදෙන නිළධාරිතුමන් 2022 නොවැම්බර් 29 වන දින අණදෙන නිලධාරි තනතුර භාරගත් අතර කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ අණදෙන තත්ත්ව පරීක්ෂක (ඉංජිනේරු) තනතුර භාරගැනීමට නියමිතව ඇත.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස් ලංකාතිලක නිළධාරිතුමන් අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ  සේවය කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.