59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලියේ 2023 වසරේ ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනාගන්නා ලදි

59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය 2023 ජනවාරි 06 සිට ජනවාරි 08 දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරගය සහ සම්මාන උළෙල 2023 ජනවාරි 08 වන දින එම ස්ථානයේදීම පැවැත්විණි.ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගි විය.

පිරිමි බර කාණ්ඩ දහයක් (10) සහ කාන්තා බර කාණ්ඩ අටක් (08) යටතේ ශූරතාවලිය පැවැත්විණි. ස්වාධීන ක්‍රීඩා සමාජ තිස් හතක (37) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනාගත් අතර රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් විය.තවද ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායමේ සැරයන් චාමර දර්මවර්ධන සහ ආධුනික කල්පනී ජයවීර ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩක හා කාන්තා ජූඩෝ ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් විය.

ප්‍රථිපල සාරාංශය

රන් පදක්කම් ලාභීන්

සැරයන් චාමර ධර්මවර්ධන (කිලෝග්‍රෑම් 73න් පහළ බර කාණ්ඩය)
නායක ගුවන් භට ඉර්ෆාන් උස්මාන් (කිලෝ 100 ට වැඩි බර කාණ්ඩය)
ආධුනික කල්පනී ජයවීර (කිලෝ ග්‍රෑම් 57න් පහළ බර කාණ්ඩය)

රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් ගයාන් අබේසිංහ (කිලෝ ග්‍රෑම් 100 ට අඩු බර කාණ්ඩය)
කෝප්‍රල් සංජීවනී බණ්ඩාරමැණිකේ (කිලෝ ග්‍රෑම් 78 ට අඩු බර කාණ්ඩය)
කෝප්‍රල් චාන්දනී බණ්ඩාරමැණිකේ (කිලෝ ග්‍රෑම් 57න් පහළ බර කාණ්ඩය)
කෝප්‍රල් මතී සීදේවි (කිලෝ ග්‍රෑම් 70 ට අඩු බර කාණ්ඩය)
කෝප්‍රල් ගයානි ලක්ෂානි (කිලෝ ග්‍රෑම් 78ට වැඩි බර කාණ්ඩය)
නායක ගුවන් භට තරුෂික හංසමාල් (කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට ක්‍රීඩක සමීර මධුශංක (කිලෝ ග්‍රෑම් 45 බර කාණ්ඩය)
නායක ගුවන් භට ක්‍රීඩිකාව නදීෂානි ෆොන්සේකා (කිලෝ ග්‍රෑම් 52න් පහළ බර කාණ්ඩය)
ආධුනික කාවින්ද්‍යා බණ්ඩාර (කිලෝ ග්‍රෑම් 48න් පහළ බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභීන්
කෝප්‍රල් සුදත් රෝහණ (කිලෝ ග්‍රෑම් 66 න් පහළ බර කාණ්ඩය)
නායක ගුවන් භට දර්ශන ගිහාන් (කිලෝ ග්‍රෑම් 100 බර කාණ්ඩය)
නායක ගුවන් භටට මහේෂ් කුමාර (කිලෝ ග්‍රෑම් 90 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට ක්‍රීඩක සුරාජ් සදරුවන් (කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා ඉරේෂිකා රූපසේන (කිලෝ ග්‍රෑම් 44න් පහළ බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා චතුරංගනී (කිලෝ ග්‍රෑම් 63 ට අඩු බර කාණ්ඩය)
ගුවන් කාන්තා රෝෂිකා උපමාලි (කිලෝ ග්‍රෑම් 70 ට අඩු බර කාණ්ඩය)
ආධුනික බණ්ඩාර රත්නායක (කිලෝ ග්‍රෑම් 45න් පහළ බර කාණ්ඩය)
59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය 2023 ජනවාරි 06 සිට ජනවාරි 08 දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරගය සහ සම්මාන උළෙල 2023 ජනවාරි 08 වන දින එම ස්ථානයේදීම පැවැත්විණි.ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.