2022 "ගුවන් සිත්තරා" සමස්ත ලංකා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

ගුවන් හමුදා "ගුවන් සිත්තර" සමස්ත ලංකා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්‍ෂ  එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහභාගීත්වයෙන් 2023 ජනවාරි 11 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි.ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමීව මෙම තරගය සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලද ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රාථමික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අංශවල ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ ළමුන් 15 දෙනෙක් සහභාගි විය. දිවයිනේ සෑම ප්‍රදේශකින්ම සහභාගී වූ 20,000 කට අධික පිරිසක් අතරින් මෙම ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න මාටිනෝ සහ මුද්‍රණ භාර නිලධාරී ගෲප් කැප්ටන් ධනුෂ්ක තලකැටිය සහ ගුවන් හමුදා බඳවා ගැනීමේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් චමිල හිරිපිටිය මෙවර තරඟාවලියේ ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරන ලදී.

2022‘ගුවන් සිත්තරා’ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්

I කාණ්ඩය - 01 සිට 05 දක්වා ශ්‍රේණිය
1 වන ස්ථානය -  ඡේ.ඉසෙඩ්.ඩබ් දයාරත්න (ක්‍රිස්තුරාජ විද්‍යාලය, ගම්පහ)
2 වන ස්ථානය -  එස්.එච්.ඩී.ටී ද සිල්වා (බ/ සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය, මහියංගනය)
3 වන ස්ථානය - ඩබ්ලිව්.එම්.වී.එම් වීරසිංහ (බ.ප./ප/ සිරි පියරත්න ප්‍රාථමික විද්‍යාලය, පාදුක්ක)
සැනසිලි ත්‍යාග
සී එල් නාඔටුන්න (ලයිසියම් ජාත්‍යන්තර පාසල, රත්නපුර)
එම්.ටී විජේසිංහ (ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, අනුරාධපුර)

II කාණ්ඩය - 06 සිට 09 ශ්‍රේණිය
1 වන ස්ථානය -  ඡේ.ඒ.එන්.එන් සෙනරත් (ජනාධිපති බාලිකා විද්‍යාලය, ගාල්ල)
2 වන ස්ථානය - පී.එච්.එච් මානෙත් (ග/පෙ ද එස් කුලරත්න මහා විද්‍යාලය, තල්ගස්ගොඩ)
3 වන ස්ථානය - වයි.ඒ.එන්.ඩී රත්නසේකර (ක/ කෑගල්ල විද්‍යාලය, කෑගල්ල)
සැනසිලි ත්‍යාග
එන්.එච්.ඩබ්.එස් නිම්සර (හ/රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්තොට)
කේ.අයි.එස්.සී කාරියවසම් (බ.ප/කැ/ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, රාගම)

III කාණ්ඩය - 10 සිට 12 ශ්‍රේණිය
1 වන ස්ථානය-  ඩී.ඩී.පි.එස් දළුවත්ත (රජරට විද්‍යාලය, හිඟුරක්ගොඩ)
2 වන ස්ථානය - එච්.එම්.සී.එම් දිසානායක (ග/පෙ ද එස් කුලරත්න මහා විද්‍යාලය, තල්ගස්ගොඩ)
3 වන ස්ථානය - එස්.එස්.අයි.එම් සසිදු (ක/ මහානාම විද්‍යාලය, පිළියන්දල)

සැනසිලි ත්‍යාග
අයි.පී.එස්.එන් සෝමජීව (පොල/ගිරිතලේගම ම.වි, දියබෙදුම)
එච්.එම්.ඒ.ආර් හේරත් (මයුරපාද විද්‍යාලය, පානදරගම)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.