ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය 30 වැනි සංවත්සරය සමරයි

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය සිය 30 වැනි සංවත්සරය 2023 ජනවාරි 13 වන දින අභිමානවත් ලෙස සමරන ලදි. සැමරුම් උත්සවය සියලුම නිලධාරීන්ගේ සහ උපදේශකවරුන්ගේ සහභාගීත්වයෙන් ගොඩබිම් පුහුණු පක්ෂාංග පරිශ්‍රයේදී චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් පවත්වන ලදී.

මෙම පුහුණු පක්‍ෂාංගය 1993 ජනවාරි 13 වන දින සටන් පුහුණු පාසල ලෙස ආරම්භ කරන ලද අතර පසුව 2013 ජූලි 15 වන දින එහි නම ගොඩබිම් පුහුණු පක්ෂාංගය ලෙස වෙනස් කරන ලදී. මේ වන විට  නිළධාරීන් 27 දෙනෙකු විසින් මෙම පක්ෂාංගයේ අණදෙන නිළධාරීන් ලෙස සේවය කර ඇති අතර වර්තමාන අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කැප්ටන් එච්.එම්.සී. හේරත් නිළධාරීතුමන් කටයුතු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.