ආරක්ෂක සේවා කබඩි ශූරතාවලිය 2022 සහ 2023

2022 සහ 2023 12 වන ආරක්ෂක සේවා කබඩි ශූරතාවලිය 2023 ජනවාරි 12 වන දින සිට 2023 ජනවාරි 13 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අතර 2023 වර්ෂයේදී මෙම ඉසව්ව සංවිධානය කිරීමට ගුවන් හමුදාවට භාර දෙන ලදී.

ශ්‍රී ලංකා කබඩි තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම තරඟාවලියේදී විනිසුරුවන්ට සහය වන 'Decision Review System'(DRS) නව එකතු කිරීමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශූරතාවය දිනාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 40ට 35ක් ලෙස අනුශූරතාවය දිනා ගන්නා ලදී.

සුභසාධක අධ්‍යක්‍ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන්.ඡයසිංහ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කබඩි සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් පී.එන් ප්‍රනාන්දු, ත්‍රිවිධ හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සෙසු නිලයින් රැසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.