53 වැනි ජාතික කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩකයින් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 53 වැනි ජාතික කැරම් ශූරතාවලිය 2022 නොවැම්බර් 10 වන දින සිට 2023 ජනවාරි 15 වන දින දක්වා පවත්වන ලදී.

ගුවන් හමුදා කැරම් කණ්ඩායමේ සාමාජිකයෙකු වන නායක ගුවන් භට වික්‍රමසිංහ සී.ඒ.බි.ඩබ්. පිරිමි තනි පුද්ගල ඉසව්වේ ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා කැරම් හි අංක 1 ස්ථානයට පත්විය.  කෝප්‍රල් පෙරේරා බී.යු.සි. සහ නායක ගුවන් භට පෙරේරා ඡේ.ඒ.ඩී.ඩී සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිරිමි ද්විත්ව ඉසව්වේ ශූරතාව දිනා ගැනිමට සමත්විය. ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව සුවිශේෂී කැරම් ක්‍රීඩකයින් 16 දෙනා අතරින් කෝප්‍රල් ලියනගේ සී.එල් අංක 3 ස්ථානයේ ශ්‍රේණිගත කර ඇති අතර නායක ගුවන් භට පෙරේරා ආර්.එච්.ඒ,කෝප්‍රල් පෙරේරා බී.යු.සී සහ නායක ගුවන් භට පෙරේරා ඡේ.ඒ.ඩි.ඩී පිළිවෙළින් 10, 11 සහ 12 වැනි ස්ථාන ලබා ගත්හ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.