ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2022 ජනවාරි 16 වන දින සිදු කරන ලදී.එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.එම්.එස්.පි.බී කුලතුංග විසින් ගෲප් කැප්ටන් පී.ඩී.එස්.එස් ගුණවර්ධන වෙත නව තනතුර භාර දෙන ලදී.

නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී.ඩී.එස්.එස් ගුණවර්ධන නිළධාරිතුමන් නව තනතුර භාරගැනිමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර  සම්බන්ධීකරණ නිලධාරි (ගුවන් හමුදාව) වශයෙන් සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.