ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරන ලදි

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජනවාරි 19 වන දින සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල් රන්දෙණිය විසින් විංග් කමාන්ඩර් එම්.එම්.ඒ මෙන්ඩිස් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල් රන්දෙණිය 2022 සැප්තැම්බර් 12 වන දින අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් අතර කටුනායක කඳවුරු උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.

විංග් කමාන්ඩර් එම්.එම්.ඒ මෙන්ඩිස් නිළධාරීතුමන් නව අණදෙන නිළධාරී ලෙස පත්වීමට පෙර කොළඹ ගුවන් හමුදා කඳවුරේ ප්‍රසම්පාදන අංශයේ මාණ්ඩලික නිළධාරී ප්‍රසම්පාදන ලෙස සේවය කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.