ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ උපහාර උළෙලක් පවත්වන ලදී.මෙහිදී ගුවන් හමුදා ඡල පන්දු ක්‍රීඩා, ටයිකොන්ඩෝ, ඔරු පැදීම, බර ඉසිලීම, අත්පන්දු සහ මල්ලවපොර යන අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරන ලදී.

12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේදී, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ශූරතාවලියේදී පහත සඳහන් ක්‍රීඩාවල ක්‍රීඩකයින් විශිෂ්ට දස්කම් දක්වා ඇත.

2022 6 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී පිරිමි කටා ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ලෝකඩ පදක්කම ලබා ගැනීමට ගුවන් හමුදා කරාතේ කණ්ඩායමේ සාමාජිකයින් සමත් විය.

ගුවන් හමුදා ඡල පන්දු ක්‍රීඩා කණ්ඩායම වසර 11 කට පසු ජාතික ශූරතාව දිනාගත් අතර, බර ඉසිලීමේ ක්‍රීඩකයින් රන් පදක්කම් 4 ක් ලබා ගැනීමට සමත් වූ අතර ස්නැච් ඉසව්වේ කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද ලබා ගැනීමට සමත් විය. ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේදී රන් පදක්කම් 7ක් ඇතුළුව පදක්කම් 16ක් ලබා ගැනීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම් සමත් වූ අතර 2022 ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් විය.

12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා අත්පන්දු කණ්ඩායම සහ ගුවන් හමුදා මල්ලවපොර පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම තම තමන්ගේ ක්‍රීඩා අංශයන්හි ශූරතා දිනා ගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, සභාපතිවරුන්, ලේකම්වරුන්, කළමනාකරුවන් සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.

ඇගයීමට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

2022 ජාතික ඡල පන්දු ක්‍රීඩා ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා
නායක ගුවන් භට උදයත්‍ර ආර්.එල්.කේ

2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම්ලාභී සහ ජාතික වාර්ථාවක් ලබාගත් ක්‍රීඩකයා
නායක ගුවන් භට ජයසේන යූ.ආර්.ආර් (ස්නැච් ඉසව්වේ කිලෝග්‍රෑම් 81 බර කාණ්ඩයේ කිලෝග්‍රෑම් 138 ක් එසවූ)

6 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභීන් - 2022
කෝප්‍රල් ද සිල්වා කේ.එන්
කෝප්‍රල් ප්‍රසන්න කේ.එස්
නායක ගුවන් භට ෆයිස් එම්.එස්
ගුවන් භට සංදීප ඩබ්ලිව්.එස්.අයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.