ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 25 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්සී විජයනායක නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව 2023 ජනවාරි 26 වන දින සිය 25 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.

වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඒ.කුමාරසිරි නිළධාරිතුමන්ගේ මූලිකත්වයෙන් කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය සමඟින් දවසේ කටයුතු ආරම්භ විය.සැමරුම් උත්සවයට සමගාමීව 2023 ජනවාරි 23 සහ 24 යන දිනයන්හිදී කඳවුරු පරිශ්‍රෙය්දී සියලුම කාර්ය මණ්ඩලය එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර කිඹුලාපිටිය පාසලේ සහ කිඹුලාපිටිය නගර ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපර ද පවත්වන ලදී.සියලුම සේවා සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් අනතුරුව සියලු නිළයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් පසු සංවත්සර උත්සවය නිමා විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.