ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවාවන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නාරාහේන්පිට ගුවන් හමුදා රෝහල් ඒකකය විවෘත කරන ලදී

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා  ප්‍රධානත්වයෙන් සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉදිකරන ලද ඇඳන් 30 කින් සමන්විත රෝහල් ඒකකය 2023 ජනවාරි 31 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් විවෘත කරන ලදී.

නාරාහේන්පිට ඉදිකර ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවාවන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.ඇඳන් 30 කින් සමන්විත මෙම රෝහල් ඒකකය නිදන්ගත රෝගීන් සඳහා භෞතචිකිත්සාව ඇතුළු රෝග සදහා නේවාසික ප්‍රතිකාර සපයයි. මෙම ව්‍යාප්තිය මගින් ගුවන්පුර ගුවන් හමුදා රෝහලේ හදිසි ප්‍රතිකාර සදහා අවශ්‍ය රෝගීන් වැඩි ප්‍රමාණයකට ඉඩ සලසා දීමට හැකියාව ඇත.

මෙම අවස්ථාවට කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරීතුමන් සහ ගුවන් හමුදා කොළඹ  කඳවුරේ නිලධාරීන් සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.