ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සදහා “විශිෂ්ට සේවා විභූෂණ” සහ 75 වැනි නිදහස් දින පදක්කම් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් 77 දෙනෙකුට පදක්කම් ප්‍රදානය කිරීම  2023 පෙබරවාරි 01 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු කරන ලදී.
 
ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට "විශිෂ්ට සේවා විභූෂණ" සම්මානය ප්‍රදානය කරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් හත් දෙනෙකුට ගෞරව සම්මාන පිරිනමන ලදී. එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ.එල් රණතුංග (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් සී.බි ලැබ්රෝයි (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල, එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එම්.කේ.එස් වීරසිංහ (විශ්‍රාමික) සහ එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යු.පි රාජපක්ෂ, එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්.ජයවීර, එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී.ඡේ වාසගේ (විශ්‍රාමික) යන නිළධාරීන් මෙම ගෞරව සම්මානයට පාත්‍ර විය.  

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු  නිලධාරින් පිරිසකට "75 වැනි නිදහස් සංවත්සර සැමරුම් පදක්කම"   ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සහ විශ්‍රාමික මෙන්ම සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.