ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය යටතේ ඉදිකරන ලද නිවසක් 2023 පෙබරවාරි 02 වන දින නායක ගුවන් භට තිලකසිරි පී.ජී.එල්. හට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සහභාගීත්වයෙන් එලමුල්ල, කකුණවත්ත ප්‍රදේශයේදී ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබූ අතර, කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත සිවිල් ඉංජිනේරු පක්කාෂාංගයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ, එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ නිළධාරීතුමන්ගේ උපදෙස් මත සහ ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සමස්ථ ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම අවස්ථාව සදහා අණදෙන නිළධාරීතුමන්,නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්  සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.