57 වන කොළඹ කැම්පෝරිය 2022 සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂයින් සහභාගී වේ

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති 57 වැනි කොළඹ කැම්පෝරිය 2023 පෙබරවාරි 2 සිට 6 දක්වා  පවත්වන ලදී. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සාමාජිකයින් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සමූහයේ සභාපති ගෲප් කැප්ටන් ජේ.ඒ.පී.එස් ජයවර්ධනගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ ගුවන් බාලදක්ෂ සාමාඡික සාමාඡිකාවන් 33 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් මේ සදහා සහභාගී විය.මෙහිදී ගුවන් බාලදක්ෂ පුහුණුකරුවන් 06 දෙනෙකු නව වාර්තාවක් පිහිටුවන ලද අතර මෙම වැඩසටහන මගින් ගුවන් බාලදක්ෂ සාමාඡික සාමාඡිකාවන්   පෞරුෂත්වය සහ කුසලතා වර්ධනයට උපකාරී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමට 02 ජනාධිපති බාලදක්ෂ සම්මාන හිමිකර ගැනීමට හැකි වූ අතර, ඒකල ගුවන් බාලදක්ෂ බලකායේ සමූහ බාලදක්ෂ පුහුණුකරු ගෲප් කැප්ටන් එම්.පී.එස් මාරප්පෙරුම වැඩිහිටි බාලදක්ෂ නායක පුහුණුවේ ඉහළම මට්ටමේ සම්මාන වන "වුඩ් බැජ්" දිනා ගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්, එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික),ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ ලේකම්, විංග් කමාන්ඩර්  එල්එස්ආර් පාගොඩ, ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එයාර් කොමදෝරු ඊ.එස්.පොන්නම්පෙරුම යන මහත්වරු සහ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සාමාඡික සාමාඡිකාවන්ගේ දෙමාපියන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.