"ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල සිව්වන හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023”පිළිබඳ මාධ්‍ය හමුව

"ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල සිව්වන හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය  2023” පිළිබඳ මාධ්‍ය හමුව 2023 පෙබරවාරි 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.
 
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මීගමුව වෙරළේදි පැවැත්වෙන අතර එම තරගාවලිය 2023 පෙබරවාරි මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.  රටවල් අටක් නියෝජනය කරමින් හමුදා වෙරළ වොලිබෝල් ක්‍රීඩකයින් මෙම ශූරතාවලියට සහභාගී වීමට නියමිත අතර සමාරම්භක උත්සවය 2023 පෙබරවාරි 12 වැනිදා පැවැත්වීමට නියමිතය. ජර්මනියේ කොලොම්බියාවේ  ප්‍රංශය, නෙදර්ලන්තය, ඕමානය, සෞදි අරාබිය, වෙනිසියුලාව සහ සත්කාරක ශ්‍රී ලංකාව පිරිමි කණ්ඩායම් 16ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් තරග වැදීමට නියමිත අතර කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2023 පෙබරවාරි 17 වන දින උදෑසන  ගොල්ඩි සෑන්ඩ්ස් හෝටලය ඉදිරිපිට වෙරළ තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලියේ සංවිධායක කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් වන බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නාවික හමුදාව කොමදෝරු රොෂාන් අතුකෝරල විසින් මාධ්‍ය හමුව පැවැත්වීය. ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය වොලිබෝල් ශූරතාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සහ ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ,විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.