පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සහිර් ශම්ෂාඩ් මිර්ෂා මහතා 2023 පෙබරවාරි 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කො‍මොඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිළධාරිතුමන් විසින් පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීතුමන් පිලිගත් අතර ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීතුමන් සුහද කතාබහක නිරත විය.අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.