ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලියට තරග වදින ක්‍රීඩකයින් දිවයිනට පැමිණේ

4 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ වෙරළ වොලිබෝල් ශූරතාවලියට තරග වදින ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සෞදි අරාබිය සහ කොලොම්බියාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2023 පෙබරවාරි 11 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ලදී.


මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය 2023 පෙබරවාරි 12 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්වීමට නියමිත අතර, එය 2023 පෙබරවාරි 13 වන දින සිට පෙබරවාරි 17 වන දින දක්වා මීගමුව වෙරළ තීරයේ දී ආරම්භ කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම වසරේ 4 වන CISM ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලබන අතර, එහි අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023 පෙබරවාරි 17 වන දින Goldi Sands හෝටලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව ඇත.මෙම තරගාවලියේ නොමිලේ නැරඹීමට ඡනතාවට  අවස්ථාව සලසා දී ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.