ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල සිව්වන හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023 මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වේ

සිව්වන හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023 හි මූලික වටයේ තරඟ 2023 පෙබරවාරි 13 වන දින මීගමුව වෙරළ තීරයේදී ආරම්භ විය.


ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සෞදි අරාබිය, කොලොම්බියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් පළමු වටයේ තරග සඳහා සහභාගි විය.

ඡාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ (FIVB) නීතිරීතිවලට අනුකූලව සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව මත පදනම්වු තරඟ ආකෘති කෙටුම්පත් සැකසීමට හැකිවේ. CISM වොලිබෝල් කමිටුවේ සභාපතිවරයාට රූපවාහිනී විකාශනය හෝ තරඟයට බලපෑ හැකි වෙනත් හේතූන් මත ක්‍රීඩා අනුපිළිවෙල වෙනස් කිරීමට අවසර ඇත.

ලීග් ක්‍රමයට අනුව ශූරතාවලිය පවත්වන අතර පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම තරග වැදීමට නියමිත අතර ජයග්‍රාහී කණ්ඩායම් 2023 පෙබරවාරි 17 වන දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත.

1st Day



2nd Day


3rd Day

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.