ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ (AEW) නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 පෙබරවාරි 13 වන දින සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්.ඩි.ඒ.ඡි සෙනෙවිරත්න විසින් ගෲප් කැප්ටන් යු.සී.ඡේ පියසේන වෙත නව තනතුර භාර දෙන ලදී.  

ගෲප් කැප්ටන් යූසීජේ පියසේන නිළධාරීතුමන් නව අණදෙන නිලධාරි තනතුර භාරගැනීමට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගගන ඉංජිනේරු සහය පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී තනතුරේහි සේවය කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්ඩීඒජී සෙනෙවිරත්න ගුවන් හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුවරයා ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.