ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කැලේ ගින්න නිවා දමන ලදී

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් භටයින් 39 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසින් කන්දෙපුහුල්පොල වනාන්තර ප්‍රදේශය හටගත් මහා පරිමාණ ලැව් ගින්නක් 2013 පෙබරවාරි 16 වන දින සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.


ගින්න පිළිබඳ තොරතුරු බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උදෑසන ලබාදුන් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වජිර සේනාධීර නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි නිලධාරීන් සහ ගුවන් භටයින් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී ඔවුන් විසින් පැය පහක වෙහෙසකර උත්සාහයකින් පසුව සම්පූර්ණයෙන්ම ගින්න මැඩපවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.