ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තාවන් සඳහා වූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පක්ෂාංගයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් මනෝජ් කැප්පෙටිපොල ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කාන්තා නිළධාරීන් සහ ගුවන් කාන්තාවන් සදහා "ලිංගික හිංසනයෙන් වැළකී සිටින්නේ කෙසේද" සහ "පියයුරු පිළිකා දැනුවත් කිරීම" පිළිබඳව පූර්ණ දින විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් 2023 පෙබරවාරි 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අරෝෂ අදිකාරම්, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, මහරගම මහරගම පිළිකා රෝහලේ සභාපතිනියගේ දායකත්වයෙන් පවත්වන ලදී.  

මෙම අවස්ථාවට ගුවන් හමුදා කාන්තා පක්ෂාංගයේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන, එයාර් කොමඩෝර් මනෝජ් කැප්පෙටිපොල, ගෲප් කැප්ටන් ප්‍රියදර්ශනී විජේනායක, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කාංචනා විජේසිංහ,වෛද්‍ය යොහාන්, මහරගම පිළිකා රෝහලේ  ප්‍රචාරක සම්බන්ධීකාරක කරීන් අමරසිංහ, කර්නේරා මහත්මිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්වේච්ඡා සේවක මෙත්සර බෙනරගම මහතා, තුමේන්ද්‍රිකා ජෝර්ජ් මහත්මිය, සියලුම ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් පිරිසක් සහභාගීවිය .

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.