නිපොන් පේන්ට් රග්බි ලීග් තරගාවලිය 2022/2023 ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම පළග ශූරතාවය දිනා ගන්නා ලදී

2023 පෙබරවාරි 17 වන දින කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගනයේ ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම සහ පොලිස් SC කණ්ඩායම අතර තරගයෙන් සත්කාරකයන්ට එරෙහිව ලකුණු 11 ට 05 ක් ලෙස ලබා ගනිමින් පළග ශූරතාවය දිනාගැනීමට ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත්විය.


ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම ලබාගත් ලකුණු 11ට රුමේෂ් රාම්දාස් එක් උත්සාහක දිනුමකින් ලබාගත් අතර නුවන් පෙරේරා දඬුවම් පහර 2කින් තරගය නිමාකරන ලදි.

ගුවන් හමුදා කණ්ඩායම තරගාවලිය පුරාවටම ලකුණු 260කට වැඩි ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වූ අතර මේ වන විට තරගාවලියේ ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවෙයි. එමෙන්ම ගුවන් හමුදා රග්බි කණ්ඩායම ප්‍රසාද ලකුණු 9ක් ලබා ගැනීමට සමත් වූ අතර එය එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. උත්සාහක දිනුම් 02ක්, ප්‍රවර්තන 24ක්, දඩුවම් පහර 18ක් සහ ඩ්‍රොප් ගෝලයක් ඇතුළත්ව තනි තනිව ලකුණු 115ක් ලබා ගත් ගුවන් හමුදාවේ නුවන් පෙරේරා මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා අතර පෙරමුණේ පසුවෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.