‘ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ’වාර්ෂික දින ධාවනය - 2023

ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර සංවිධානය කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) දින ධාවන තරඟය 2022 පෙබරවාරි 18 වන දින උදෑසන ආරම්භ කරන ලදී.


ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී ආරම්භකරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සමඟ ධාවන තරඟයට සහභාගී විය. ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) මහලේකම්, ඉතාලි නාවික හමුදාවේ කපිතාන් රොබර්ටෝ රෙචියා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි විය. කිලෝමීටර 2.5 කට ආසන්න දුරක් ආවරණය කරන ලද ‘CISM දින ධාවනය’ සඳහා  සියයකට අධික පිරිසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ කරන ලද අතර ලොව පුරා සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරයි.

මෙය සියලුම සාමාජික රටවල් 133ක් විසින් අත්සන් කරන ලද CISM හි මෙහෙවර ප්‍රකාශයේ පිහිටුවා ඇති දර්ශනයට සහ පරමාදර්ශයන්ට ඇතුලත්ව කටයුතු කරනු ලැබේ. CISM හි අවසාන ඉලක්කය වන්නේ එහි ආදර්ශ පාඨය වන “ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය” සාක්ෂාත් කර ගනිමින් ක්‍රීඩාව තුළින් සන්නද්ධ හමුදා එකමුතු කිරීමෙන් ලෝක සාමයට දායක වීමයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.