පකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

පකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා 2023 පෙබරවාරි 27 වන දින උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු විසින් අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් මහතා පිළිගන්නා ලද අතර ගුවන් හමුදා අංක 43 වර්ණ පක්‍ෂය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ කළමනාකාරීත්ව මණ්ඩලය හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු සාකච්ඡාවක් පවත්වන ලදී. අනතුරුව ප්‍රධානීන් දෙදෙනා අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.