ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 51 වන අදියර අනුරාධපුරයේදී සාර්ථකව අවසන් තරන ලදී

'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 51 වන අදියර 2023 මාර්තු 04 වන දින අනුරාධපුර රියෙන්සි අලගියවන්න විශේෂ විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව අවසන් කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

මෙම පාසලේ සිසුන් 75 ක් පමණ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල අවශ්‍යතාවයට ජල පරිභෝජන ඒකකයක් ස්ථාපිත කරන ලද අතර පාසල් සිසුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අභ්‍යාස පොත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසිනි. ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය නිම කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපති චන්දිමා ගමගේ මහත්මිය, සහකාර ලේකම් සේවා වනිතා ඒකකයේ බලඝණ නායිකා කල්හාරි විජේසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කඳවුරු සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.