ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 07 වන දින කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩිඑම්ආර් දසනායක නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර්  වෙත නව තනතුර තාවකාලිකව භාර දෙන ලදී.

පසුව ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීඑස් මාරප්පෙරුම වැඩබලන අණදෙන නිලධාරි ආර්ඒඩීඑස්ජේපී රණසිංහ නිළධාරීතුමන්ගෙන් නව තනතුර භාරගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.