අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ  ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර ගේ මගපෙන්වීමකට අනුව සමරන ලදී.අංක 01 රේඩාර් බලඝණය 2006 මාර්තු 10 වැනි දින ආරම්භ කරන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර සැමරුම ආරම්භ වූ අතර, අනතුරුව කඳවුරට ආසන්නව පදිංචිව සිටින අසරණයන් වෙත වියළි සලාක සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. අවසානයේ බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.