ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිංගප්පූරුවෙන් වෛද්‍ය පකරණ තොගයක් පරිත්‍යාග කරයි.

"සිංගප්පූරු බෞද්ධ පුස්තකාලය" මගින් පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරය හරහා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලට රුපියල් ලක්ෂ 05ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයෙන් රෝහලේ රෝගීන් සඳහා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ දැඩි අධීක්‍ෂණය යටතේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්කර්ෂවත් උත්සවය සංවිධානය කරන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා "සිංගප්පූරු බෞද්ධ පුස්තකාලයේ" සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පී.ඒ.වී පද්මපෙරුම ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ සිංගප්පූරු බෞද්ධ පුස්තකාලය නියෝජිත විදේශීය බැතිමතුන්ගේ පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.