ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (අංක 01 ITW) සිය 10 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒපිඅයි සම්පත් කුමාර නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ විය.

සැමරුම් උත්සවයට සමගාමීව  අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ සියලුම නිළධාරීන් සහ සෙසු නිළයින් සමග එක්ව ප්‍රඡා සේවා ව්‍යාපෘති රැසක් සංවිධානය කරනු ලැබීය.අනතුරුව ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක්, රත්මලාන පුරාණ මල්ලිකාරාම විහාරස්ථානයේ දී තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි. අනතුරුව කණ්ඩායම් හැඟීම සහ සහෝදරත්වය පවත්වාගෙන යාම සඳහා පක්ෂාංග සාමාජිකයන් විසින් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ වත්මන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එම්.ජේ.ආර් පෙරේරා, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂ එයාර් කොමදෝරු පී.එන්. ප්‍රනාන්දු සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව්.පී.ඒ.එච්.පෙරේරා යන නිළධාරින් සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.