"Tuskers in the Skies" 30 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සිය 30 වැනි සංවත්සරය 2023 මාර්තු 15 වන දින සමරන ලදී. ML MI-17 හෙලිකොප්ටර් යානාවලින් සමන්විතව 1993 මාර්තු 15 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙම බලඝණය පිහිටුවන ලදී.පසුව 1993 අප්‍රේල් 29 වන දින ගුවන් හමුදා වවුනියාව කඳවුර වෙත ගෙනයනුලැබූ අතර පසුව මෙම බලඝණය මෙහෙයුම් අවශ්‍යතා හේතුවෙන් අනුරාධපුර කදවුරට ගෙන යන ලදී.

"Tuskers in the Skies" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රුසියාවේ නිෂ්පාදිත MI-17 හෙලිකොප්ටර් වල නිවහන වන අංක 6 හෙලිකොප්ටර් බලඝණය, 2014 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වෙන ලද අතර ප්‍රභු ආරක්ෂක, වාණිජ ගුවන් ගමන්, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්, සෙවීම් සහ මුදාගැනීමේ (SAR‍) මෙහෙයුම්, උපායශීලී සහ සන්නද්ධ ඔත්තු බැලීම් සහ සමීප ගුවන් සහාය ඇතුළත් ගුවන් මෙහෙයුම් සදහා සුවිශේෂි දායකත්වයක් ලබාදෙයි.

මෙම බලඝණයේ අභීත උත්සාහය තුළින් හමුදා සහ සිවිල් ජීවිත බේරා ගැනීමට හැකි වූ අතර 2021 දී අංක 6 හෙලිකොප්ටර් බලඝණයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ වර්ණ ප්‍රදානය කරන ලදී.මෙම බලඝණයේ වත්මන් අණදෙන නිලධාරිතුමන්  ගෲප් කැප්ටන් ටිරෝන් මුණසිංහ නිළධාරීතුමන් කටයුතු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.