ආරක්‍ෂක සේවා ක්‍රීඩා ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා ශූරතාවය සහ පිරිමි අනුශූරතාවය හිමිකරගන්නා ලදී.

2023 ආරක්‍ෂක සේවා ක්‍රීඩා ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 මාර්තු 14 වන දින සිට 16 වන දින දක්වා පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් චන්න වර්ණසූරිය සහභාගි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම ශූරතාවයට හිමිකම් කියූ අතර පිරිමි කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. ගුවන් හමුදා කණ්ඩායම ඉසව් 16 කින් රන් පදක්කම් 8 ක්, රිදී 6 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනා ගන්නා ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී, ශූරතාවලියේ දක්ෂතම පිරිමි ටයිකොන්ඩෝ ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට තිලකරත්න ඩී.ටී.එල්. සම්මාන දිනාගන්නා ලදි.

ප්රතිඵල සාරාංශය

රන් පදක්කම්ලාභීන්
කෝප්‍රල් දහනායක ඩී.ඒ.ඩී.එස්
නායක ගුවන් භට තිලකරත්න ඩී.ටී.එල්
නායක ගුවන් භට තිලකරත්න කේ.ආර්.ජේ
නායක ගුවන් භට රණසිංහ ආර්.ඒ.එස්.ඩී
නායක ගුවන් භට  කාන්තා ගුණවර්ධන කේ.ටී.අයි.එස්
නායක ගුවන් කාන්තා ගුණවර්ධන ඩී.ඩී.එන්.එල්.ඩී
නායක ගුවන් කාන්තා රණතුංග ආර්.ඒ.එස්.පී
නායක ගුවන් කාන්තා අබේනායක කේ.එම්.එස්.එම්

රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් සේනානායක එස්.එම්.පී
නායක ගුවන් කාන්තා දර්මකීර්ති වී.ඩි.අයි.ඒන්
නායක ගුවන් කාන්තා ප්‍රියංකා ආර්.වී
නායක ගුවන් කාන්තා රසදාරි එම්.සී
නායක ගුවන් කාන්තා ෂයිනි
නායක ගුවන් කාන්තා ෆ්‍රැනැන්ඩෝ පී.ඒච්.අයි


ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් භට ප්‍රසන්න කේ.ඒ.එන්
නායක ගුවන් භට පෙරේරා ජේ.එම්.කේ.එම්
නායක ගුවන් භට කරුණාරත්න ඩී.එච්.ජී.එම්
නායක ගුවන් භට ජයසිංහ ඩී.ජී.ඩී.එන්.කේ
නායක ගුවන් භට වන උදේෂාන් එස්.ඩී.අයි
නායක ගුවන් කාන්තා කිරුෂිකා වී
නායක ගුවන් කාන්තා ජයකොඩි
නායක ගුවන් කාන්තා අලූත්ගේ එස්.එම්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.