ශ්‍රී ලංකා ගුවන් හමුදාව පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී සම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව සමඟින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරයට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව 2023 මාර්තු 17 වන දින පූජනීය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම උත්සවය සදහා සියලුම මූලික කඳවුරු අණදෙන නිලධාරීන්, විද්‍යාපීඨයේ පීඨාධිපති සහ කදවුරු අණදෙන නිළධාරීවරුන් සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම කදවුරු හා පක්ෂාංගයන් නියෝජනය කරන සියලුම  ධජයන් සදහා ආශිර්වාද සිදු කරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවලින් දිවයින පුරා සේවයේ නියුතු සියලුම නිලධාරීන් හා සෙසු නිළයන් සදහා ආශිර්වාද එක් කිරීම මෙයින් සංකේතවත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා සමස්ථ ගුවන් හමුදාව නියෝජනය වන පරිදි ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.