ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් "කප්රුක් පූජාව" අනුරාධපුරයේදී පවත්වන ලදී

72 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගුවන් හමුදාවට ආශිර්වාද පතා "කප්රුක් පූජාව" 2023 මාර්තු 17 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලිසෑ පුදබිමේදී පවත්වන ලදී.ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් සුහර්ෂි ප්‍රනාන්දු සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු නිළධාරී,නිළධාරිනීයගේ සහය ඇතිව මෙම උත්සවය පැවැත්විණ ලද අතර, එදින සවස රුවන්වැලිසෑය අභියස දී ගිලන්පස පූජාවක් සහ තවත් ආගමික පෙරහැරක් ද පැවැත්විණි.

"කප්රුක් පූජාව" වෙනුවෙන් සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් සහ මල් පූජාවකින් සැදුම්ලත් වර්ණවත් පෙරහැර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයෙන් ආරම්භ වී රුවන්වැලිසෑය දක්වා ගමන් කළේය. කප්රුක් පූජාවෙන් අනතුරුව මහා විහාර පිරිවෙනේ නියෝජ්‍ය විහාරාධිපති පූජ්‍ය කුඩාගලවැවේ ඝණවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනාවක් ද පැවැත්විණි.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ජනතාවට සහන සැලසීමේ අරමුණින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කිරි කෝපි දන්සැලක් ද රුවන්වැලිසෑය පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.