ඉන්දියානු උසස් ගුවන් අණදෙන පාඨමාලා නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ඉන්දියාවේ උසස් ගුවන් අණදෙන පාඨමාලාවේ නියෝජිත පිරිසක් 2023 මාර්තු 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

අධ්‍යක්ෂක මාණ්ඩලික, ගෲප් කැප්ටන් සයිඩ් මුසාෆර් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්  ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාව සදහා සහභාගී විය.

දූත පිරිසේ ප්‍රධානියා ඇතුළු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  හමු විය, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ගෲප් කැප්ටන් නිපුන තනිප්පුලිආරච්චි විසින් පැමිණ සිටි පිරිස සඳහා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

උදෑසන දූත පිරිස බත්තරමුල්ලේ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් ශ්‍රී ලංකාව තුළ තම සේවා කාලය තුළ උපරිම කැපකිරීම් කළ ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළුන්ට උපහාර දැක්වීය. ගෲප් කැප්ටන් චන්දිමාල් හෙට්ටාරච්චි, ගෲප් කැප්ටන් මංගල සෙනෙවිරත්න ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මෙම උත්සවයට සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂකයේ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික සංදර්ශනයකින් උත්සවයේ කටයුතු අවසන් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂ ජනරාල්  එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ඉන්දීය උසස් ගුවන් අණදෙන පාඨමාලාවේ නිලධාරීන්  සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. මෙම සංදර්ශනය ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ප්‍රසංග කලාවන් සමඟින් මුසු වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ සිත් ඇදගන්නා නර්තන අංගයන්ගෙන් විචිත්‍රවත් කරන ලදි.



Tribute to the Indian Peace Keeping Force (IPKF) soldiers

Cultural Show

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.