මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරියා සහ රාජකීය ගුවන් හමුදාවේ සාමාජිකයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි.

මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටීඑම් ජෝර්ඩන් මහතා ප්‍රමුඛ රාජකීය ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක් 2023 මාර්තු 21 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තෙදින සංචාරයක නිරත විය. මෙම සංචාරයේ කොටසක් ලෙස දැනුම හුවමාරු කර ගැනිමේ අරමුණින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සහ ගුවන් හමුදා කටුනායක කඳවුරු වලදී වැඩසටහන් පවත්වන ලදී මෙහි සමාරම්භක සැසිවාරය සඳහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න නිළධාරීතුමන් සහභාගී විය.

දූත පිරිස 2023 මාර්තු 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවු විය.මෙම හමුවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදු කරන ලදී.



SLAF Base Ratmalana

SLAF Base Katunayake

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.