ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රාමදාන් උත්සව සමය වෙනුවෙන් විශේෂ දීමනා ලබාදිමේ වැඩසටහනක් පවත්වන ලදී.

ශුද්ධ වූ රාමදාන් මාසයේ විචිත්‍රවත් උත්සව සමයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුස්ලිම් ඡාතික සේවකයින් සහ සිවිල් සේවකයින් හට උත්සව සමය වෙනුවෙන් විශේෂ දීමනා වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ සහයොගය ඇතිව සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට 2023 මාර්තු 23 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දී ගුවන් ලේකම්, එයාර් කොමදෝරු අනුරුද්ධ විජේසිරිවර්ධන, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම්, විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.