ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පක්ෂාංගය විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා පක්ෂාංගයේ අණදෙන නිළධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ  2023 මාර්තු 24 වන දින ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.මෙම වැඩසටහන සදහා නියෝජ්‍ය පරිපාලන අධ්‍යක්ෂ, එයාර් කොමඩෝර් මනෝජ් කැප්පෙටිපොල නිළධාරීතුමන් සහභාගි විය.වෙරළ තීරයේ ස්වභාවික සෞන්දර්යය සහ පිරිසිදුකම පවත්වා ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

අර්ධ දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයෙන් ආරම්භ කර  දෙහිවල වෙරළ තීරය දක්වා  සිදු කරන ලදි. මෙම අවස්ථාවට "වන අරණ", "ලස්සන වෙරළ" සහ "පෙප්සි" ඇතුළු ප්‍රසිද්ධ පාරිසරික ප්‍රජාවන් විසින් අනුග්‍රහය දක්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.