ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර 40 වැනි සංවත්සරය සමරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර 40 වන සංවත්සරය 2023 මාර්තු 27 වන දින අභිමානවත් ලෙස සමරනු ලැබීය. සංවත්සර උත්සවයට සමගාමීව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ වර්ණසූරිය ගේ මගපෙන්වීම යටතේ ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක් පවත්වන ලද අතර 2023 මාර්තු 24 වන දින මඩකලපුව ජයන්තිපුර විහාරස්ථානයේ ‘ශ්‍රමදාන ව්‍යාපාරයක්’ සහ 2023 මාර්තු 26 වන දින කදවුරු විහාරස්ථාන පරිශ්‍රයේ ‘බෝධි පූජා පිංකමක්’ පවත්වන ලදී.

සංවත්සර දින සැමරුම නිමිත්තෙන් කදවුරු පරිශ්‍රයේ ටොම්බෝලා රාත්‍රියක්ද පවත්වන ලදී.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අණදෙන නිළධාරීතුමා සහභාගී වූ අතර  නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සදහා සහභාගීවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.