අංක 14 මූලික මිලිටරි ෆ්‍රී ෆෝල් කෝස්, අංක 04 උසස් හමුදා රිගර් පාඨමාලාව සහ අංක 51 මූලික පැරෂුට් පාඨමාලාවේ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 14 මූලික මිලිටරි ෆ්‍රී ෆෝල් කෝස්, අංක 04 උසස් හමුදා රිගර් පාඨමාලාව සහ අංක 51 මූලික පැරෂුට්  පාඨමාලාවේ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය අද (2023 මාර්තු 28) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් නිශාන්ත ප්‍රියදර්ශන, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මෙහිදි ලාංඡන ප්‍රධානය සදහා පැරෂුට් භටයින් 74 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් හය දෙනෙකු, ගුවන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ගුවන් භටයින් 47 දෙනෙකුද, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකුද, සෙබළුන් අට දෙනෙකුද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුද, නාවිකයින් හතර දෙනෙකුද, විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ අංක අංක 14 මූලික මිලිටරි ෆ්‍රී ෆෝල් පාඨමාලාව  නියෝජනය කරමින් විශේෂ කාර්ය බළකායේ සෙසු නිලයින් හතර දෙනෙකු ඇතුළත් විය.

අංක 51 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සහ අංක 14 මූලික මිලිටරි ෆ්‍රී ෆෝල් පාඨමාලාව අතුරින් නායක ගුවන් භට විජේසිංහ ටීයූකේ සහ කෝප්‍රල් කරුණාසේනඑච්කේජීඑස්පී හොඳම පැරෂුට් භටයා සහ හොඳම නිදහස් වැටීම් සම්මානය පිළිවෙළින් තේරී පත් විය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සුදුසුකම් ලත් සේවා පුද්ගලයින් අමතා පාඨමාලාව සාර්ථකව නිම කිරීම පිළිබඳව සුභාශිංසන පළ කළ අතර අනාගතයට සුබ පැතුම් එක් කළේය. විංග් කමාන්ඩර් විජිත ගෝමිස්ගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා ස්කයිඩයිවිං සංදර්ශණ කණ්ඩායම වර්ණවත් පැරෂුට් සංදර්ශණයකින් මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.